Europe Sangha Union: Message

The Buddha asked the first sixty Arahant disciples to go on missionary work thus: “Bhikkhus, go out in all the eight directions for the mundane and supramundane welfare, prosperity, and happiness of many beings.”

This this advice ware received by the disciples who liberated from all defilements and thereby attained the ultimate bliss of nibbāna.

The Buddha advised as such because the Dhamma which is full of virtuous qualities in all its three phases such as the beginning, the middle, and the end, is for the sake of the prosperity and happiness of many beings alsong with devas, and humans.

The work of the Shrāvaka Sangha (the disciples of the Buddha), which continues unbroken till today should not be different from the early tradition.

Therefore, the Dhamma mission needs to be done by us, the Sangha associating together like milk and water, looking at each other with loving eyes, discussing together, and lighting up the hearts. We are united with a noble ambition of making novice monks nourish spiritually and educationally, contributing to the spiritual development of humankind, and preparing the ordained monks with the necessary qualifications for the mission of Dhamma which is to soothe the mind through virtues, and wisdom.

දැක්ම හා මෙහෙවර

බොහෝ ජනතාවගේ හිත සුව පිණිස චාරිකාවේ
යෙදෙන්න යැයි ප්‍රථම ශ්‍රාවක සග සැට නම අමතා
භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළහ.

ඒ මග උපදේස ලබන ලද්දේ, සිය ජිවිතය කෙලෙස්
මළින් මුදවා ගත් අභිමානවත් ශ්‍රාවක භික්ෂු පිරිසක් විසිනි.

දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස මුල මැද අග පැහැදිලි
ධර්මය දේශනා කරමින් චාරිකාවේ යෙදීමට එසේ අනුදැන
වදාළේ ඔවුන්ගේ අර්ථය පිණිසය. ඔවුන්ගේ හිත පිණිසය.

ඔවුන්ගේ සැප පිණිසය.
අද දවස දක්වා අවිච්චින්නව පැවත එන ශ්‍රාවක
සංඝයාගේ කාර්ය භාරය ද ඊට වෙනස් විය නොහැකිය. එසේ
හෙයින් උක්ත මෙහෙවර සිදු කරනු වස් අන්‍යෝන්‍ය වශයෙන්
ප්‍රිය ඇසින් බලමින් කිරි හා දිය මෙන් එක්ව සමගිව රැස්වී
සමගිව සාකච්ඡා කොට නොපහන් සිත් පහන් කරමින් පහන්
සිත් සුපහන් කරමින් චාරිකාවේ යෙදීම අපගේ අදහසයි.

පළමුව නූතන භික්ෂු පරපුරේ අංකුර පෝෂණයෙහිලා
අධ්‍යාපනික හා ආධ්‍යාත්මික පෝෂණය උදෙසා දායක වෙමින්
ද සංවිධාන ගත අප, ධර්ම චාරිකාවට අවැසි සුදුසුකම්
උපසම්පදා කර ගනිමින් ද බහුජන අර්ථ සිද්ධිය පිණිසත්,
කුසලාරම්මණයන් ඔස්සේ සිත් සනහාලනු පිණිසත්, දෙළොව
සැප පිණිසත් කළ හැකි සියල්ල ශක්ති පමණින් ඥාන
පමණින් ඉටු කිරීම අපගේ අභිලාෂයයි.

No payment method connected. Contact seller.

Donate with PayPal