Our Temples in Italy

Italy

Shakyamunivihara - Rome

ශාක්‍යමුනි විහාරස්ථානය - රෝමය

ඉතාලියේ අගනගරය වන රෝමයේ නගරයෙහි 2016 වර්ෂයේ ජනවාරි මස 06 දින ශාක්‍යමුනි විහාරස්ථානය ආරම්භ කරන ලදි. විහාරාධිපති පූජ්‍ය කටුවන සිද්ධත්ථ හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ දායක පිංවතුන්ගේ කැපවීමෙන් යුතුව මේ වන විට රෝම ශාක්‍යමුනි විහාරය ආගමික – සංස්කෘතික හා අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වශයෙන් සුවිසල් මෙහෙවරක් සිදු කරනු ලබයි.

විහාරස්ථානයට අනුබද්ධ අනෙකුත් ආයතන

සිදුහත් සිංහල පාසල Associazione buddista dello sri Lanka

විහාරස්ථානය මගින් සිදුකරනු ලබන සමාජ සුභසාධන හා අධ්‍යාපනික කටයුතු

2016 වර්ෂයේ දී රෝම ශාක්‍යමුනි විහාරස්ථානයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද සිදුහත් සිංහල පාසල මේ වන විට රෝමයේ ප්‍රධාන අධ්‍යාපනික ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වේ. දූ දරුවන් 50 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන අතර 10 දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලබයි.

ශාස්ත්‍රපති ‍රාජකීය පණ්ඩිත පූජ්‍ය කටුවන සිද්ධත්ථ හිමි

Contact Details

Our Gallery

Parma Buddhist Center

පාර්මා පාරමිතා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

ඉතාලියේ පාර්මා Felino නගරයේ via Carducci n.4 නම් කාර්යාල පරිශ්‍රයේ 2022/06/25 දින ආරම්භ කරන ලද පාර්මා පාරමිතා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තව නොබෝ දිනකින් ස්ථානය මාරු කිරීමට බලාපොරොත්තුව සිටිමු.

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය විලච්චියේ ධම්ම විජය හිමිපාණෝ

Contact Details

Gauthama viharaya - Napoli

ගෞතම විහාරය - නාපෝලි

2017 napoli

විහාරස්ථානය මගින් සිදුකරනු ලබන සමාජ සුභසාධන හා අධ්‍යාපනික කටයුතු

Janasahana Padanama

පූජ්‍ය කරවිටගාරේ ධම්මකිත්ති හිමි

Contact Details

Our Gallery

Tempio Buddista Siracusa

සිරකූසා බෞද්ධ විහාරය

සිරකූසා නගරයේ “සිරකූසා බෞද්ධ විහාරය ” ලෙස මෙම විහාරස්ථානය ආරම්භ කරන ලද්දේ 2013 මාර්තු මස 03 වන දිනය. මෙය ආරම්භ කිරීමෙහිලා පුරෝගාමිත්වය ගෙන කටයුතු කරන ලද්දේ ගෞරවණීය නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන් සහ ගෞරවණීය නාරාවිල ධම්මදස්සී නාහිමියන්ගේ පුරෝගාමිත්වයෙන්ය. ප්‍රථම විහාරාධිපතින් වහන්සේ ලෙස පූජ්‍ය නාරාවිල ධම්මදස්සී හිමියන් කටයුතු කල අතර 2014 සැප්තැම්බර් 20 වන දින සිට හෑදෙණියේ ධම්මාරාම හිමියන් අද දක්වා මෙහි විහාරාධිපතින් වහන්සේ හැටියට වැඩ කටයුතු කරගෙන යනු ලබයි.

විහාරස්ථානය මගින් සිදුකරනු ලබන සමාජ සුභසාධන හා අධ්‍යාපනික කටයුතු

සිරකූසා නගරයේ වෙසෙන දුවා, දරුවන් සදහා දහම් අධ්‍යාපනය සහ සිංහල භාෂාව ලබාදීම පිණිස සිරි සිදුහත් දහම් පාසල පවත්වාගෙන යෑම, වසරකට දෙවතාවක් වෛශාඛ්‍ය මංගල්‍යය සහ නත්තල අරමුණු කරගෙන ලේ දන්දීමේ ව්‍යාපාර පැපැවැත්වීම. ආධ්‍යාත්මික සුවය පිණිස සෑම මසකම සීල, භාවනා වැඩ සටහන් පැවැවීම.

පූජ්‍ය හෑදෙණියේ ධම්මාරාම හිමි

Contact Details

Our Gallery

Sicily Buddhist viharya

සිසිලි බෞද්ධ විහාරය

1998 මාර්තු මස 09 දින සිසිලි දූපතේ කතනියා නගරයේ පූජ්‍ය දඹදෙණියේ ධම්මාරාම හිමියන් විසින් ” සිද්දත්තාරමය නමින් ආරම්භ වූ විහාරස්ථානය 1998 නොවැම්බර් මාසයේ පූජ්‍ය වගේගොඩ සීලානන්ද නාහිමි ප්‍රංශ යේ සිට පැමිණ, ටික කලක් වැඩ වාසය කර පසුව 2000 සිට විහාරාධිපති ලෙස වැඩ සිටී.

විහාරස්ථානයට අනුබද්ධ අනෙකුත් ආයතන

අම්බලන්තොට ඓතිහාසික ථෙරපුත්තාභය රාජ මහා විහාරය, මාතර කලටියාවල, සිරි ඛේමරමය, කළුතර බේගමුවේ, පුරාණ ගංගාතිලක විහාරය, හම්බන්තොට, මිරිජ්ජවිල, සිරි සීලවිමල සමුදරාමය , ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරය යන විහාර ගණයේ විහාරාධිපති

විහාරස්ථානය මගින් සිදුකරනු ලබන සමාජ සුභසාධන හා අධ්‍යාපනික කටයුතු

Sri Seelananda Dhamma school දරුවන් 60 පමණ සමන්විත අඩු ආදායම් ලාභීන් ට , රෝගීන්ට උදව් කිරීම

ඉතාලියේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය වගේගොඩ සීලානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ

Contact Details

Milano Buddhist Center

මිලානො ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

2002/01/08 දා මිලානො ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ විය. මේ දක්වා විහාරස්ථානය ඉතා සාර්ථකව කටයුතු කරයි.

විහාරස්ථානයට අනුබද්ධ අනෙකුත් ආයතන

Genova sambudu viharaya

ඉතාලියේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අතිපූජ්‍ය මහගම විපුල සිරි නායක ස්වාමීන් වහන්සේ

Contact Details

Our Gallery

Sambudu Viharaya Genova

සම්බුදු විහාරය - ජෙනෝවා

සම්බුද්ධත්ව ජයන්තිය සිහිපත් කරමින් 2012 දී ජෙනෝවා සම්බුදු විහාරය ආරම්භ විය.

විහාරස්ථානය මගින් සිදුකරනු ලබන සමාජ සුභසාධන හා අධ්‍යාපනික කටයුතු

දහම් පාසල

පූජ්‍ය මහඋස්වැව ඥානතිලක හිමි

Contact Details

Our Gallery

Samma sathi Temple - padova

සම්මාසති විහාරස්ථානය - පාදොවා

ඉතාලියේ පාදොවා සම්මා සති විහාරස්ථානය 2016 ජනවාරි 01 දින Padova Via Bartolomeo Ammannati 16 ස්ථානයේදී ආරම්භ කරන ලදි. පූජ්‍ය ගම්මැදගම පියදස්සි ස්වාමින් වහනසේගේ අනුසාසකත්වය සහ විහාරාධිපතිත්වයෙන් යුතුව ආරම්භ කරන ලද මෙම විහාරස්ථානයේ මූලික අනුග්‍රහය දක්න්වමින් දායකත්වය දැරැවේ පාදොවා නන්දනී මායාදුන්නේ මෑණියන් සහ දායක දායිකා පින්වත් පිරිසයි. විහාරස්ථානය විවෘත කිරීමේ පිංකම පවත්වන ලද්දේ ගරැ බුද්ධ සාසන සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙනි.

විහාරස්ථානයට අනුබද්ධ අනෙකුත් ආයතන

Samma Sathi Maditation Centre Via Ventotto Gennaio 27, Verona

විහාරස්ථානය මගින් සිදුකරනු ලබන සමාජ සුභසාධන හා අධ්‍යාපනික කටයුතු

මෙත්තා සංවිධානය මගින් සිදුකරන ආගමික හා සමාජ සුභසාධන කටයුතු

ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ගම්මැදගම පියදස්සි ස්වාමින් වහන්සේ

Contact Details

Our Gallery

Centro Buddhista - Como

ඉසිපතනාරාම භාවනා මධ්‍යස්ථානය - කෝමෝ

2017 වර්ෂයේ අප ඉසිපතනාරාම භාවනා මධ්‍යස්ථානය ආරම්භ කල අතර, ශ්‍රී ලාංකික හා ඉතාලි ජාතික මෙන්ම වෙනත් රටවල් වල ජනතාව වෙනුවෙන් ශාසනික මෙහෙවර ඉටු කිරීම

විහාරස්ථානය මගින් සිදුකරනු ලබන සමාජ සුභසාධන හා අධ්‍යාපනික කටයුතු

දෙස් විදෙස් ජනතාව වෙනුවෙන් ආගමික වැඩසටහන් සිදු කිරීම හා දරුවන් වෙනුවෙන් ඉරුදින දහම් පාසල පැවැත්වීම.

ශාස්ත්‍රපති වංගියකුඹුරේ ඤාණවිමල හිමි

Contact Details

Our Gallery

Centro buddista Verona

වෙරෝනා මහා විහරය

2001 වසරේ. ආරම්බ වු අතර මේ දක්වා ආගමික සාමජික. වතාවත් වල නියෙලිමින් අති විසල කාර්‍ය බරයක් ඉටුකරන. විහරස්තානයකි.

විහාරස්ථානය මගින් සිදුකරනු ලබන සමාජ සුභසාධන හා අධ්‍යාපනික කටයුතු

වසර පුරාම පොදුවෙ විහරස්තාන්වල සිදුවෙන සිල භාවනා පින්කාම් වෙසක් පොසොන් කටින ආදි පින්කම් ඉරුදින. දහම් පාසල ඉතාලි පිරිස වෙනුවෙන් කරන වඩසටහන් පොදු උත්සව ආදිය

ශාස්ත්‍රපති පූජ්‍ය උඩවලවේ ඤාණානන්ද හිමි

Contact Details

Our Gallery

Dharmanikethanaya vihara - Milano

ධර්ම නිකේතන විහාරස්ථානය - මිලානෝ

ඉතාලියේ මිලානෝ ධර්ම නිකේතන විහාරස්ථානය ආරම්භ කෙරුණේ 2013 වසරේදීය. පැල්තැගහතැන්නේ සීලවිමල බඩල්කුඹුරේ ධම්මසිරි යන හිමිවරුන්ගේ මූලිකත්වයෙන් සහ සියලු දායක කාරකාදීන්ගේ සහයෝගයෙන් කුලීපදනම මත ආරම්භ කෙරුණු මෙම විහාරස්ථානය 2018 වසරේදී ස්ථිර භූමියකට ගෙන යන ලදී. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට පමණක් නොව විවිධ ජාතීන්ට තම ආගමික කටයුතු සිදුකරගත හැකි පොදු විහාරස්ථානයකි . සුචරිත දහම් පාසල, ශීල සමිතිය, 2601 මුතුහර ළමා සමාජය ඇතුළු බොහෝ ක්‍රියාකාරකම් පවත්වනු ලබති. පුණ්‍ය භූමියකට අයත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා, ධාතු කරඬු, ධර්ම ශාලාව, සංඝාවාසය, දාන ශාලාව, මුළුතැන්ගෙය ,වැසිකිළි කැසිකිළි පද්ධති සියල්ලගෙන් අංග සම්පූර්ණය. තව නොබෝ දිනකින් අ භිනව චෛත්‍යරාජයාණන් වහන්සේ සහ ධාතු මන්දිරය ඉදිකිරීමට නියමිතය. ඉතාලි ජාතික පිරිස වෙනුවෙන් සතියට දින දෙකක් භාවනා වැඩසටහන් පවත්වනු ලබන අතර ඉතාලි රජයේ පාසල් දරුවන් වෙනුවෙන් සෑම මාසයකම විශේෂ වැඩසටහන් පවත්වනු ලබයි. ඉතාලි රජයේ ලියාපදිංචි බෞද්ධ ආයතනයක් වන අතර දැනට ස්වාමීන් වහන්සේලා හතර නමක් වැඩ සිටිති.

විහාරස්ථානය මගින් සිදුකරනු ලබන සමාජ සුභසාධන හා අධ්‍යාපනික කටයුතු

සුචරිත දහම් පාසල මාසික ශීල භාවනා වැඩසටහන් මුතුහර ළමා සමාජය ඉතාලි පිරිස වෙනුවෙන් සිදු කරන භාවනා වැඩසටහන්

යුරෝපයේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති පූජ්‍ය පැල්ගහතැන්නේ සීලවිමල හිමි

Contact Details

Our Gallery

Sri Bodhi viharaya

ශ්‍රී බෝධි විහාරය

2020 වර්ෂයේදී ඉතාලිය රෝමය ප්‍රිමාපෝර්තා ප්‍රදේශයෙහි,සිංහල බෞද්ධ ජනතාවගේ ආගමික වැඩ කටයුතු සඳහා මෙන්ම අපගේ ලාංකීය බොදු දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් සහ සියලු දෙනාගේ ආධ්‍යාත්මය වර්ධනය කරවමින් අපගේ ජාතික උරුම තාවයන් සුරක්ෂා කර ගැනීමේ අදිටනින් යුතුව ශ්‍රී බෝධි විහාරස්ථානය නමින් අප විහාරස්ථානය ආරම්භ කරන ලදී. නිර්මල ථෙරවාද බුදුදහම යුරෝපීය ජනයා අතරට ගෙනයාම.

විහාරස්ථානය මගින් සිදුකරනු ලබන සමාජ සුභසාධන හා අධ්‍යාපනික කටයුතු

1.ශ්‍රී බෝධි විහාරස්ථ කාර්ය සාධක සමිතිය.

2.ශ්‍රී බෝධි දහම් පාසල

3.ශ්‍රීබෝධි සරණ සුභසාධක සමිතිය

පූජ්‍ය බණ්ඩිරිප්පුවේ විනීත තිස්ස හිමි

Contact Details

Our Gallery

Samadhi Viharaya - Firenze

ෆිරෙන්සෙ සමාධි විහාරය

වර්ෂ 1999 ඉතාලියේ කලාගාරය ලෙසින් විරුදාවලිය ලත් ෆිරෙන්සෙ නගරයේ ආරම්භ කෙරුණු ශ්‍රී සමාධි මහා විහාරය මේ වන විට යුරෝපයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් භූමි භාගයක් ලෙස ( 2014 වර්ෂයේදී මිලට ගන්නා ලදි) දෙස්- විදෙස් බොහෝ ජනතාවගේ ආගමික ,සංස්කෘතික ,සාමාජීය කටයුතු වලදී නගරයේ පුරෝගාමියා ලෙස විශාල මෙහෙවරක් සිදුකරයි.

විහාරස්ථානයට අනුබද්ධ අනෙකුත් ආයතන

සමාධි සිංහල පාසල ෆිරෙන්සෙ ලුක්කා අරෙත්සෝ ශ්‍රී බුද්ධ විහාරය ලුක්කා

විහාරස්ථානය මගින් සිදුකරනු ලබන සමාජ සුභසාධන හා අධ්‍යාපනික කටයුතු

සමාධි සහන පදනම / සමාධි සිංහල පාසල

ඉතාලියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවෙදී දොඩම්දෙණියේ නන්දසිරි නාහිමි

Contact Details

Our Gallery