Our Temples in Switzerland

switzerland

Geneva International Buddhist vihara

ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

1992 නොවැම්බර් 24 ශ්‍රී ලංකා තායි, ලාඕස් කාම්බෝජ වියට්නාම හා බංග්ලාදේශ බෞද්ධ පින්වතුන්ගේ සහායෙන් ආරම්භ කළ ජිනීවා බෞද්ධ විහාරය එවක ජිනීවා එක්සත් ජාතීන්ගේ ශීලංකා තානාපති හිටපු මහබැංකු අධිපති වර්ණසේන රාසපුත් මැතිතුමා ගේ පූර්ණ අනුග්‍රහය හා දායකත්වය මත ජිනීවාහි ස්ථාපිත කරණ ලදී වසර.30 ක ඉතිහාසයක් හිමි මෙම ආයතනය අන්තර්ජාතික ලෙස බුදුන් වහන්සේ ගේ පණිවුඩය ආසියාතික බෞද්ධයින් අතර පමණක් නොව ස්විස් ජාතික හා අනෙකුත් යුරෝපීය ජාතීන් අතරත සමීප කරවන්න ට මහත් සේවාවක් සිදුකරණ කීර්තිමත් විහාරයකි.

විහාරස්ථානයට අනුබද්ධ අනෙකුත් ආයතන

තවලම හබරකඩ ශ්‍රී විජයානන්ද රජමහා විහාරය, රොටුඹ බුදුගල රාජමහා විහාරය, හෝකන්දර ශ්‍රී විජයානන්ද ධර්මායතනය ඇතුලු එම විහාර ගණයේ ආයතන 8 ක්

විහාරස්ථානය මගින් සිදුකරනු ලබන සමාජ සුභසාධන හා අධ්‍යාපනික කටයුතු

විහාරයීය ශ්‍රී ලකා උපකාරක යුරෝපා පදනම හරහා ජාතික අධ්‍යාපන සංවර්ධන සංස්කෘතික විවිධ අංශ නියෝජනය කරමින් වාර්ෂිකව මහත් සේවාවන් රාශියක් සිදුකරයි ළමා ශිෂ්‍යත්ව,රෝහල් සේවා,ගෙවල් හැදීම පාසල්වලට වැසිකිලි පුස්තකාල ගොඩනැගිලි පොත්පත් බෙහෙත් කණ්ණාඩි ආදිය ලබාදීම වැනි සමාජ සත්කාරක සේවාවන් නිරතුරුවම සිදුකරයි.

ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද තවලම ධම්මික නාහිමි

Contact Details

Zurichi Buddhist Temple

සුරිචි බෞද්ධ විහාරස්ථානය

සුරිච් බෞද්ධ විහාරස්ථානය 2003 වසරේ මැයි 1 වැනිදා දින බ්‍රෑග් නගරයේදි පුජ්‍ය වල්පොල කල්‍යානතිස්ස නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය සහ පුජ්‍ය කරුවලගස්වැව අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ විහාරාධිපතිත්වයේන් යුතුව සුවිස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන්ගේ ප්‍රධාන දායකත්වයෙන් ආරම්භකරන ලදි. 2009 වසරේදි ලෙන්ස්බ්‍රෑග් නගරයේ ස්තිර භුමිභාගයක් විහාරස්ථානය සදහා මිලදි ගෙන 2018දි චෛත්‍යක් ඉදිකරමින් සංවර්දනය කරන ලදි.

විහාරස්ථානයට අනුබද්ධ අනෙකුත් ආයතන

Swiss-lanka Daham Sevana, Ambalayaya, Halpe, Katana, Sri Lanka. යන ලිපිනයේ අප විහරස්ථානයට සම්බන්ද නේවාසික දහම් පුහුණු මදධ්‍යස්ථානයක් 2016 ජුනි මස සිට පුජ්‍ය කරුවලගස්වැව අනුරුද්ධ ස්වාමින්වහන්සේගේ මුලිකත්වයෙන් පවත්වාගෙන යනු ලැබේ.

විහාරස්ථානය මගින් සිදුකරනු ලබන සමාජ සුභසාධන හා අධ්‍යාපනික කටයුතු

මාසික දහම් පාසල සහ පෝය වැඩසටහන්, සතිපතා ධර්ම දේශනා සහ භාවනා පුහුණු වැඩසටහන්. සුවදේශික අය සදහා මාසික එක්දින දහම් වැඩසටහන්

පුජ්‍ය කරුවලගස්වැව අනුරුද්ධ හිමි

Contact Details

Our Gallery