Our Temples in Cyprus

Cyprus

Sri Lankaramaya - Cyprus

ශ්‍රී ලංකාරාමය - සයිප්‍රස්

ආරම්භය – 2005 ජූලි 10

කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක සයිප්‍රස් අගනුවර වන නිකෝසියාවේ ආරම්භ කළ අතර 2013 වසරේ සිට අපටම අයත් ස්ථානයක විහාරස්ථානය ස්ථාපිත කරන ලදී

ඒවන විට ථේරවාද හෝ මහායාන කිසිදු බෞද්ධ ආරාමයක් මෙරට නොවූ අතර අප ආරම්භ කළේ මෙරට ප්‍රථම බෞද්ද ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානයයි.

2008 වසරේදී ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක මාහිමියන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව මගින් සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක පදවිය අප වෙත ප්‍රදානය කරනු ලැබූ අතර අක්ත පත්‍ර පිළිගැන්වීම අස්ගිරි මහා විහාරීය ස්වාමීන් වහන්සේලා, අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ මෙන්ම අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ වැඩමවීමෙන් හා එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අතින් සයිප්‍රසයේ දී සිදුවිය.

විහාරස්ථානයට අනුබද්ධ අනෙකුත් ආයතන

දැනට අපගේ ශාඛා දෙකක් ‘සදහම් සෙවන’, ‘සදහම් මැදුර’ නමිත් ප්‍රධාන නගර දෙකක පවත්වාගෙන යනු ලබයි.

විහාරස්ථානය මගින් සිදුකරනු ලබන සමාජ සුභසාධන හා අධ්‍යාපනික කටයුතු

ශ්‍රී ලංකාවෙන් 1/3 ක් පමන වන මෙම කුඩා රටෙහි ප්‍රධාන ආගම වන්නේ ඕතඩොක්ස් (ක්‍රීස්තියානි) ආගමයි.

මෙරට වරතමානයේ සේවය කරන ශ්‍රී ලාංකීය ජනගහනය 6000 ක් පමණ වුවද 2005 දී පන්සල ආරම්භ කරන යුගය වන විට 20000 ක් පමණ සේවය කළහ.

සයිප්‍රස් ශ්‍රී ලංකාරාමාධිපති, සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මොරවක සෝරත හිමි

Contact Details

Our Gallery