Our Temples in Greece

Greece

Athens buddhist vihara

ඇතන්ස් බෞද්ධ විහාරය

පූජ්‍යපාද එළුවාපොළ පඤ්ඤාරතන නාහිමිපාණන් වහන්සේගේ විහාරාධිපතිත්වයෙන් පවත්වාගෙන යන ග්‍රීසියේ ඇතෑන්ස් බෞද්ධ විහාරය මේ වන විට ග්‍රීසියේ ජීවත් ශ්‍රී ලාංකිකයින්ගේ මෙන්ම දෙස් විදෙස් සැදැහැති ජනන්ගේ ආධ්‍යාත්මික සුවය උදෙසා සුවිසල් මෙහෙවරක් සිදු කරනු ලබයි. විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් එම විහාරස්ථානය මගින් ජාතික, ආගමික, ආධ්‍යාපනික හා සංස්කෘතික ආදි සෑම අංශයක්ම නියෝජනය කරමින් විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත. ඒ අතර දූ දරුවන්ගේ ගුණදම් වර්ධනය කරනු පිණිස දහම් පාසලක් පවත්වාගෙන යෑම, කපින්ඩ්‍රියා නගරයේ ආරණ්‍ය සේනාසනයක් පවත්වාගෙන් යෑම, ශ්‍රී ලාංකික පිංවතුන්ගේ පහසුව පිණිස ග්‍රීසියේ කොන්සන් ජෙනරාල් කාර්යාලය පවත්වාගෙන යෑම ආදි කාලිනව ඇති වන දේශිය විදේශීය ජනයාගේ ලෞකික හා ආධ්‍යාත්මික සුවය උදෙසා මෙම විහාරස්ථානය ඇපකැප වී කටයුතු කරනු ලබයි.

යුරෝපයේ සංඝපති පූජ්‍ය එළුවාපොළ පඤ්ඤාරතන හිමිපාණෝ

Contact Details

Our Gallery